රිවස්ටන් මාර්ගය නායයයි


(ඉන්දික අරුණ කුමාර)
 
මධ්‍යම පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ නකල්ස් කලාපයේ,  මාතලේ සිට රත්තොට හරහා වැටී ඇති රිවස්ටන් මාර්ගයට පස් කඳු කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.
 
මීට අමතරව රිවස්ටන් කඳු මුඳුන ප්‍රදේශයේ පවතින දැඩි මීදුම් ස්වභාවය හේතුවෙන් පිටවල පතන ප්‍රදේශය ද මීදුමෙන් වැසී තිබේ.
 
දුර බැහැර ප්‍රදේශ වලින් පැමිනෙණ විවිධ සංචාරකයින් රිවස්ටන් මාර්ගය පිළිබඳව නිසි අවබෝධයකින් ගමන් කළ යුතු බවත් සෑමවිටම කලපනාකාරීව කටයුතු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
 
වර්ෂා තත්ත්වය හමුවේ හදිසි නාය යාම් මෙන්ම පස් කදු කඩාවැටීම් ආදී අනතුරු වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම කීය.