
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
මන්නාරම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක කේරල ගංජා ප්‍රවාහනය කළ රියදුරු හා කොන්දොස්තර පුත්තලම මුලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකි.
පුත්තලම පොලිසියට ලැබුණු තොරතුරක් මත මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මෙම බස් රථය පුත්තලම නගරයෙදි නවතා පරීක්ෂා කිරීමේදි කේරල ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 900 ක ප්‍රමානයක් සඟවා රැගෙන යමින් තිබියදි අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී.කුමාරදාස මහතා ඇතුළු පිරිසක් වැටලීමට එක්ව සිටියහ.


