
(ගයාන් සූරියආරච්චි සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
ඔස්ට්‍රියාවේ පදිංචිව සිටින ලාංකික කාන්තාවක හදුනාගෙන ඇය විවාහ කරගන්නා බවට පොරොන්දුවී වී රුපියල් එක්කෝටි දාහත්ලක්ෂ තිස් හතර දහස් අසූ එකක මුදලක් වංචා කළ බව කියන ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ගුවන් හමුදා කදවුරේ රාජකාරී කරනු ලබන කුරුණෑගල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු එම කාන්තාව මුහුණුපොත හරහා හදුනාගෙන ඇය විවාහ කරගන්නා බවට පොරොන්දුවී ඇති අතර මීට මාස කීපයකට පෙර ඇය ලංකාවට පැමිණ තිබූ බව පොලිසිය පවසයි.
අනතුරුව ඔවුන් දෙදෙනා විවිධ තැන්වල ගමන් බිමන් ද ගොස් තිබූ බවත් සැකකරුට ඇය ලබාදුන් මුදල් වියදම් කර ඇති බව පොලිස් විමර්ශනවලදි අනාරවණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මනමාලයෙක් නේ...
ඔය මුහුණු පොතෙන් හදුනා ගෙන අදහස් දැම්මට වැඩක් නැහැ. මොකද කියන දේ නොවෙයි වෙන්නේ... ගොඩක් වෙලාවට බොරු තමයි තියෙන්නේ.
හැගීම් නිසා මුදලින් වංචා වෙන දේවල් රටේ දැන් වැඩියි. ඒක දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.
අපරාදෙ, මෙහෙම වංචා කරන්න ඕනෑ නැහැනේ... මංගල සේවයකට කිව්වා නම් හොද කෙනෙක් හොයාගන්න තිබුණා.
රුපියල් එක්කෝටි දාහත්ලක්ෂ තිස් හතර දහස් අසූ එකක්...