රියදුරු බලපත්‍රවල කාලය දික් කරයි


(යොහාන් භාසුර)

මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස හයකින් දීර්ඝ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

නව රියදුරු බලපත්‍ර ලබාගැනීමේ පරික්ෂණ නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව කී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නැවත එම කටයුතු ආරම්භ කරන දිනයක් කිවනොහැකි බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්’ ව්‍යාප්තිය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට ගැළපෙන පරිදි රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කළ බවත් අවසාන වරට මෙම වසරේ අප්‍රේල් 1 වැනිදා සිට ලබන සැප්තැම්බර් 30 දක්වා අතර කාලයේ කල්ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස හයකින් දීර්ඝ කර තිබෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා වැඩි දුරටත් පැවසීය.