රියදුරු අධිකරණයට බාරවන තුරු පාඨලීගේ නිවසේ සැඟව සිටි බව දන්වයි


(නිමන්ති රණසිංහ)

2016 වර්ෂයේදී වැලිකඩ ප‍්‍රදේශයේ රිය අනතුරක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර යන අය අධිකරණයට බාරවන තුරු සැකකාර හිටපු අමාත්‍යවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ සැඟව සිට ඇතැයි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (24) අධිකරණයට ප‍්‍රකාශ කළේය.

ඉකුත් දෙසැම්බර්බර් මස 17 වැනිදා සිට අධිකරණයට බාරවන තුරු තමා සැකකාර අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ සැඟව සිටි බවට සැකකාර දිලූම් තුසිත කුමාර යන අයගේ දෙවැනි ප‍්‍රකාශයට අනුව අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය හමුවේ අද (24) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.