රිය අනතුරකින් අයෙක් මරුට


( අමදෝරු අමරජීව )

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පච්චනූර් ප්‍රදේශයේදී අද (08) උදෑසන මෝටර් රථයක් ටිපරයක ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මූතූර් පොලිසිය කියයි. .

මෙසේ මියගොස් ඇත්තේ මූතූර්, තෝපූර්, අල්ලෙයි නගර් පදිංචි හිදායතූල්ලා ජෙම්සිත් (34) නැමැති අයෙකි.

 තුවාල ලබා රෝහල්ගත කළ රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් මූතූර් මූලික රෝහලේ සිට ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යැවූ බව මූතූර් පොලිසියේ නිලධාරියෙක් පැවසීය .

ටිපර් රථය මඩකලපුව සිට වැලි පැටවීම සඳහා මූතූර් දක්වා ගමන් කර ඇති අතර ඊට ප්‍රති විරුද්ධ දිසාවෙන් ගමන් ගත් මෝටර් රථය මූනට මූණ හැපීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.