රෑට කුමන්ත්‍රණ තියෙන බව ආශු කියයි


(අංජුල මහික වීරරත්න)
 
මහින්ද රාජපක්ෂ මහතා හොර පාරෙන් අගමැති කළ අයුරින්, නැවත එවැනි කුමන්ත්‍රණයක් සඳහා රෑට රෑට සාකච්ඡා යන බව ආරංචි වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවැසීය.
 
බැරිවෙලාවත් එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණයකට හසුවුවහොත් එය ඔහුගේ දේශපාලනයේ අවසානය වනු ඇති බවද මන්ත්‍රීවරයා කීය.
 
මෙම කුමන්ත්‍රණ සාකච්ඡා ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරුන් තමාට තොරතුරු දෙන බව කී ආශු මාරසිංහ මහතා එම මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කළ යුතු හෙයින් ඔවුන්ගේ නම් හෙළි නොකරන බවද පැවැසීය.
 
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අද(21) ආශු මාරසිංහ මහතා මේ බව කීය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)