රැස්වීමට ඇවිත් යද්දී ගුටි ඇණ ගෙන


(රංජිත් කරුණාවිර)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන් පැවැති  සමගි ජන බලවේගයේ මහියංගණ ජනහමුව අවසානයේ නිවෙස් බලා යමින් සිටි පිරිසක් හා මහියංගණ නගරයේ කිහිප දෙනකු අතර ඇති වු බහින් බස්වීමක් දුරදිගයෑමෙන් අති වු ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් 03 දෙනකු  ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට  ඇතුලත් කළ බව මහියංගණ පොලිසිය පවසයි.

තුවාල ලැබු එක් පුද්ගලයකු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහරෝහල වෙත මාරු කර යවා ඇත.

මහියංගණ ඩිපෝව ඉදිරිපිටදී දෙපිරිස අතර බහින් බස්වීමක් ඇතිව, එය ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇත. ප්‍රතිකාර සඳහා රෝහල් ගතවුවන් අතරින් දෙදෙනකු කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර, එක් අයකු මහියංගණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ගැටුමට සම්බන්ධ පිරිස බීමතින් සිටි බවට ආරංචිමාර්ග සඳහන් කරති.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරති.