රැකියා නැති උපාධිධාරීහු රැකියා ඉල්ලති


(ශාන්ත රත්නායක)

අසාධාරණයට පත් රැකියා නොලැබුණු සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දිමා කඩිනම් කරන ලෙසත් 2020 රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධනය කළ පා ගමන හා උද්ඝෝෂණයක් අද 22 පැවැත්විය.

එය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිපිටින් ආරම්භ කළ පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිතර වූහ .

එහිදී පොලිස් නිලධාරීන් හා රැකියා විරහිත උපාධිධාරීන් අතර ඉතා උණුසුම් කාරී තත්වයක් ඇති විය.