(දිල්රුක්ෂි ග්‍රේරු සහ එච් එම් ධර්මපාල)
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයෙන් හෙරෙයින් කිලෝ ග්‍රෑම් 160ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බළකාය කියයි.
කෝටි 500 දියමත්තිය සොරා ගැනීමට සැකපිට අත්අඩංගුවට ගත් කැවුමා නම් සැකකරු සැඟව සිටි බව කියන නිවසක් පරීක්ෂා කරද්දී මෙම හෙරොයින් තොගය සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
එම නිවසේ තිබී ටී 56 උණ්ඩ තොගයක් සහ පිස්තෝලයක් ද සොයා ගත් බවත්, දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර













