(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අයැදුම්පත්‍රය සළකා බැලීමකින් තොරව අවසන් කරන බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (30) නියෝග කර නියම කළාය.
ඒ අනුව එම අපේක්ෂිත ඇපය කිසිදු නියෝගයකින් තොරව ඉවත් කිරිමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අසත්‍ය ප්‍රකාශ කළැයි කියන සිද්ධියට අදාළ තුන්වැනි සැකකරු වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එම සිද්ධියෙන් ඇප ලබාදී ඇති බැවින් මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය එලෙස නියෝගයකින් තොරව ඉවත් කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

