(අංජුල මහීකවීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අය වැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය.
රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අය වැයට යෝජනා ඉදිරිපත් කරමින් ජනපතිවරයා මෙසේ ද කීය.
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවනවා. දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ. රැකියා විරහිත උපාධිධාරින් විශාල ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නවා.
ඒ සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කරනවා. රාජ්‍ය අංශයේ මූලික වැටුප් සංශෝධනයක් සිදුකොට දශකයක් ගත වී තිබෙනවා.
රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40000 දක්වා වැඩි කරනවා. අදියර වශයෙන් මේ වැටුපැදවීම ලබාදෙනවා. මේ වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කරනවා. පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම අප්‍රේල් සිට ක්‍රියාත්මක කරන බවත් එය විසි හත්දාහක් දක්වා වැඩි කිරීමටත් ලබන ජනවාරියේ සිට 30000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජකයන් එකඟ වී තිබෙනවා
2020 ජනවාරි එක වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කරනවා. රුපියල් 250ක වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කරයි.