
(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වසංගත තත්ත්වය යළි වර්ධනයවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.
ඒ අනුව කාර්ය මණ්ඩල සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛයක් හෙට (27) දිනයේදී නිකුත් කරන බව ලේකම්වරයා කියයි.
කොවිඩ් පළමු රැල්ල සමයේදී මෙන් රාජ්‍ය ආයතන වෙතට ගෙන්වා ගන්නා කාර්ය මණ්ඩල සීමා කිරීම, කාර්යාල වෙත නොපැමිණෙන සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරදීම මෙම චක්‍රලේඛය මගින් අවසර ලබාදෙන බව ද රත්නසිරි මහතා සඳහන් කළේය. නව කොවිඩ් තත්ත්වය හමුවේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ තවත් නිර්දේශ ගණනාවක් මෙම චක්‍රලේඛයට ඇතුළත් කරන බව ද ලේකම්වරයා කීවේය.
සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි, නව වසංගත තත්ත්වයට මුහුණදීමේ අරමුණින් මෙම චක්‍රලේඛය නිකුත් කරන බව ජේ.ජේ රත්නසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

