රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත දවස් 10න් ගෙදර යයි


(තුසිත කුමාර ද සිල්වා)

කෝවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද (28)සුවය ලබා බේරුවල සිය නිවස වෙත පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීහු පවසති.

රාජ්‍ය අමාත්‍යවරයා සමග කෝවිඩ් ආසාදිතව කොග්ගල ප්‍රදේශයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතාගේ බිරිඳ ද අද සුවය ලබා පැමිණ ඇත.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 18 වැනිදාය.

 

සබැඳිය - රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා