(නිමල කොඩිතුවක්කු)
රාජපක්ෂලාගේ කතිරයෙන් බිහි වී ඇති වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා ජනතාවගේ නැගී සිටීමට බිය වී ජනතා තහංචි කලාප ඇති කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ජනතාවගේ සුවදුක් විමසීමට ජනතාවට හමුවට යාමට පවා බිය වී ඇති ආණ්ඩුවේ ප්‍රධානියා ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ආදී අයිතීන් උල්ලංඝනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රාජපක්ෂ හෙවනැලි ආණ්ඩුව පන්නන තෙක් රටට සුගතියක් නොමැති බව ද ගලිගමුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු කීවේය.
වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන්ට අවශ්‍ය වී ඇත්තේ ඇමතිකම්, වරදාන, වරප්‍රසාද වැඩි කර ගැනීම බැවින් ඔවුන්ට ජනතාවට සහන සැලසීම, ජනතාව වෙනුවෙන් වැඩක් කිරීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආහාර උද්ධමනය, ජීවන වියදම, විදුලි බිල පවා ඉතා ඉහළ ගොස් ඇති බවත් මේ ආණ්ඩුව බිහි කිරීමට වැඩි දායකත්වයක් ලබා දුන් ආගමික මධ්‍යස්ථානවලින් පවා පළි ගන්නා තැනට පත්ව ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය.

