ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතාට පසුගිය 10 වැනි දා කොළඹ අලුත්කඩේ මහාධිකරණ පරිශ්‍රයේ දී පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා විසින් තර්ජනය කර රාජකාරියට බාධා කිරිම හෙළා දකින බව ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදී සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මහාධිකරණ භූමියේ නඩුවකට අදාළව රාජකාරී කටයුතුවල නිරත වී සිටියදී වෙනත් නඩුවකට පෙනී සිටිමට එම ස්ථානයෙන් ගමන් ගත් රංගජීව මහතා ඡායාරූප ගත කර ඇත. මෙලෙස ඡායාරූප ගැනීමෙන් උරණ වූ ඔහු ඡායාරූප ශිල්පියාට තර්ජනය කර කැමරාවේ තිබූ මෙමරි කාඩ් පත් 2 ද ගලවා තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රංගජීව මහතා ඊයේ (11) දිනයේ දී ඡායාරූප මාධ්‍යවේදීයාගෙන් සමාව ඉල්ලා තිබේ.
(535)

