රමේෂ් පතිරණ මහතා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගෝල්පේස් අරගල බිමට මැයි 9 වෙනිදා එල්ල වූ  ප්‍රහාරය වලක්වන්න එපා යැයි  ප්‍රකාශය නිකුත් කළේ පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා:-(පොපෙ) පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පැවසීය.

එම ප්‍රහාරය මේ තරමින් වත් නතර කර ගන්නට හැකි වුණේ ජනාධිපතිවරයා ගේ මැදිහත් වීම නිසා බවද බවද රමේෂ් පතිරණ මහතා කීය.

එදින අරලියගහ මන්දිරයේ සිට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තමා කතා කළ බවද ගැටළුවක් ඇති විය හැකි බව තමා ඔහුට පැවසු විට කිසිම ගැටලුවක් නැති බවත් මාර්ග බාධක දමා තිබෙන අතර මෙය නවත්වන බව ඔහු සඳහන් කළේ යැයි රමෙිෂ් පතිරණ මහතා පැවසීය.

එම ටෙලිෆෝන් කෝල් එක ලබාදී තමා ජනාධිපතිතුමාගේ රැස්වීමක් සඳහා ජනාධිපති මන්දිරයට ගිය බවත්  එවිට  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා තමාට  කතා කර ලොකු ගැටළුවක් වෙන්නට යනවා, මෙය නතර කරන ලෙස ජනාධිපති තුමාට පවසන ලෙස ඉල්ලා සිටි අතර එවිට තමා සිද්ධිය ජනාධිපතිතුමාට පැවසු බවද සඳහන් කළේය.

එවිට ජනාධිපති තමා ඉදිරිපිටදීම දුරකථන ඇමතුමක් ගත් අතර තවත් ඇමතිවරුන් කිහිප දෙනෙක් ම එහි සිටි බවද මන්ත්‍රීවරයා කීය.

"මම උදේ කිව්වා නේද මේක නවත්තන්න කියලා මොකක්ද මේ වෙන්නේ යැයි ජනාධිපති ඇසූ විට දුරකථනයේ සිටි ඩී.අයි.ජී තෙන්නකෝන්   "මේකට කඳුළු ගෑස්  ගහන්න එපා.ජල ප්‍රහාර එල්ල කරන්න එපා යැයි පොලිස්පති තුමා කිව්වා" යැයි ජනපතිට පවසා අතැයි ද රමෙිෂ් පතිරණ මහතා අනාවරණය කළේය .

ජනපති එම ඇමතුම ලබා දුන්නේ 12.40 ට බවත් "තමුසෙට මම කියන්නේ .මම රටේ ජනාධිපති, වහාම මෙය නවත්තනවා යැයි ජනාධිපතිතුමා නියෝජ්‍ය පොලිස්පතිට පැවසු බවත් මෙි කටයුත්ත මේ මට්ටමින් වත් බේරුනේ ඒ මැදිහත් වීමෙන් අනතුරුව යැයිද රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් සඳහන් කළේය.