රනිල්ට තව වසර 12ක් රට බාර දිය යුතුයි


(අංජුල මහික වීරරත්න)

රනිල් ඉදිරියට තව අවුරුදු දොළහක් රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර  අබේවර්ධන මහතා කීය.

මේ යන මාර්ගය යම් හෙයකින් කවුරුන් හෝ වෙනස් කළහොත් නැවත අපේ රට තිබුණු තැනටත් වඩා අසීරු තත්ත්වයකට ගමන් කිරන බවද අබේවර්ධන මහතා පැවසීය.

වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවත්වන වෙසක් කලාප සහ දන්සැල් සඳහා මූල්‍යාධාර හා සහල් බෙදාදීම ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී සිදු කෙරුණු අතර ඊට සහභාගී වෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.

වජිර අබේවර්ධන පදනම මගින් මේ සත්කාරය සිදු කෙරෙයි.