
(අංජුල මහික වීරරත්න)
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සහ තෙවන චාල්ස් රජු අතර හමුවක් අද (5) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියගෙන් මීට මසකට පමණ පෙර කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී හෙට(6) පැවැත්වෙයි.

