(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අඟුරුවාතොට අකුරුකළවිට ප්‍රදේශයේ දේවාලයකින් අඩි තුනක පමණ උසකින් යුත් රන් ආලේපිත කරඬුවක් සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.
සැකකරුවන් සොරා ගෙන තිබූ කරඬුව හා එය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ගත් බොළරෝ වර්ගයේ ජීප් රථයද පොලිස් භාරයටගෙන ඇත.
අත්අඩංගුවට පත්වූවන් අතර එම දේවාලයේ ජෝතිර්වේදියාගේ මිතුරෙක්ද වන බව පොලිසිය කියයි. දේවාලයේ අක්‍රිය වූ වායු සමිකරණ යන්ත්‍රය අලුත් වැඩියාව සඳහා රැගෙන යන ලෙස ජෝතිෂ්ත්‍රවේදියා සිය මිතුරාට පැවසීමෙන් අනතුරුව ඔහු තවත් පුද්ගලයකු සමග බොලරෝ වර්ගයේ ජීප් රථයෙන් දේවාලය කරා පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී ජෝතිෂ්ත්‍රවේදියා දේවාලයේ සිට නැති අතර පැමිණි පුද්ගලයා අනෙක් පුද්ගලයා සමග එක්ව ජීප් රථයේ දේවාලයේ තාප්පය අසලට ලං කර තාප්පය මතින් දේවාල භූමියට පැන දේවාලයට ඇතුළු වී රන් ආලේපිත කරඬුව සොරාගෙන කඹයක් ආධාරයෙන් එය තාප්පය මතින් උඩට ගෙන ජීප් රථයට පටවා රැගෙන ගොස් තිබිණි