රත්මලානේ සිම්පත් වීසිකරමින් ගිය අය අත්අඩංගුවට


(එච්. එම්. ධර්මපාල)

රත්මලාන, පිරිවෙන පාරේ අතුරු  මාර්ගයක දෙමහල් නිවසක තිබී දුරකතන පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙක් අද (03) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පණිවුඩ හුවමාරු යන්ත්‍රයට එකවර සිම්පත් 12 ක් යෙදි හැකි  අතර එය පරිපථ 16 කින් සමන්විතය.  

අතුරු මාර්ගයක සිම් කාඩ්පත් විසි කරමින් පුද්ගලයකු යන බවට ප්‍රදේශවාසින් විසින් දුන් තොරතුරකට අනුව එම පුද්ගලයා ලුහුබැද ගිය පොලීසියට  ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.

ඔහුගේ  නිවසේ තිබී සිඩී තැටි තොගයක් සහ තවත් ලියකියවිලි රැසක්ද  සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගල්කිස්ස පොලීසිය එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දීමට නියමිතය.