රත්මලානේ ඝාතනයට 4ක් මාට්ටු


(ගයාන් සූරියආරච්චි)

රත්මලාන මහල් නිවාසය ආසන්නයේදී පුද්ගලයකුට පිහියකින් ඇන ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකුට කඩුවකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයෙන් පලාගොස් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 4 දෙනකු මොරටුව දුම්රිය ස්ථානයේදී  ඊයේ (4) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන, අරලිය නිවාස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46, 47 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනකු සහ අවුරුදු 16 ත් 30 ත් අතර පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

පාසලේ 10 වසර එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවයේ අයියා සහ මල්ලී අරලිය උයන නිවාස ප්‍රදේශයට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී අනෙක් පාර්ශවය සමග ඇති වූ බහින් බස්වීමකදී  පැමිණිලිකාර පාසල් සිසුවාට සහ ඔහුගේ සහෝදරයාට සැකකරුවන් තියුණු ආයුධවලින් පහරදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.