රත්තරන් මිලේ සුළු ඉහළ යෑමක්


(යොහාන් භාසුර)

දින කීපයක් එකම පරාසයක පැවති මෙරට රත්තරන් මිලේ යම් වෙනසක් වී ඇති බවත් එම උච්චාවචනයත් සමඟ රන් මිලේ සුළු ඉහළ යෑමක් දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.  

ඒ අනුව කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 154,000 කට ආසන්න මිලක ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 168,000 කට ආසන්න මිලක ද, අද (6) පැවැති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.