රටේ තැනින් තැන හෙට ටිකක් රත් වේ


පළාත් කීපයකට සහ දිසා රැසකට හෙට දිනයේ සිරුරට දැනෙන මට්ටමක උණුසුම් තත්වයක් හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කොළඹ,ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැමි ස්ථානවලත් මිනිස් සිරුරට  දැනෙන උණුසුම හෙවත් ‘‘අවදානය‘‘ යෙමු කළ යුතු මට්ටමක පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුස්ම් දර්ශකය 39 - 45 අතර මට්ටමකට එන විට ‘‘අවදානම්‘‘ මට්ටමට පැමිණෙන අතර එවන් අවස්ථාවලදී වැඩි වේලාවක් අව්වේ නිරාවරණය සහ ක්‍රියාකාරි කටයුතුවල නියැලීම නිසා විජලනය, ලවන ඉවත්වීම නිසා  මස්පිඩු පෙරලීම වැනි  තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් වේ.

වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල  පමණක් විවේක ගැනීම,වැඩි හිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක පසු වීම, කුඩා දරුවන් වාහන තුළ දමා නොයෑම,අධික වෙහෙසකාරී  කටයුතු සීමා කිරීම,  සුදු හෝ ලා පැහැති ඇඳුම් පැළදීම කටයුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කරයි.