
(සුමිත් පොතුපිටිය)
පානදුර නගරයේ පිහිටා ඇති අනගාරික ධර්මපාල පිළිරුව අභියස රට බීමහලක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් විහාරාධිපතිවරු දෙනමක් අද (21) දහවල් පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අවහිර කරමින් උපවාසයක් ඇරැඹුහ.
පානදුර වෑකඩ වලව්වත්ත ශ්‍රී රත්නාරාමාධිපති උනාකුරුවේ අරියධජ සහ දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරාධිපති පූජ්‍ය දෙල්දෙව්වේ සුමන හිමිවරුන් මෙසේ උපවාසය ආරම්භ කර තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ පානදුර ප්‍රාදේශීය ලේකම් ජයදේවී කොඩිතුවක්කු මහත්මිය සදහන් කලේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බැවින් ඇයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.


