(සුජිත් හේවාජුලිගේ )
රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා රජයේ සේවකයන් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවේ නම් පමණක් බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
එවැනි පරිත්‍යාගයක් කළ හොත් එම මුදල් එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන ලක්ෂ 80කට වැඩි පිරිසගේ සුභ සාධනය සඳහා යෙදවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

