රට රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි


( බිමල් ශ්‍යාමන් ජයසිංහ  )          

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියකට  හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයකුගේ සොහොයුරකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.

ඒ අනුව විමර්ශ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා(27) දිනයේදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගාල්ල ප්‍රදේශයට ගිය ද ඔහු එහි නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නොමැත.අනතුරුව සැකකරුගේ දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණ වු තොරතුරුමත බිබිල ප්‍රදේශයට ගිය විශේෂ පොලිස්‌ කණ්ඩායමක්විසින් සැකකරු අත්අඩංගුවට ගෙන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමෙන්තුවට රැගෙන එනු ලැබූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය .