(අංජුල මහික වීරරත්න)
විනයක් සහ නීතියක් නොමැතිව රටක් ගොඩනගා ජනතාව සවි බල ගැන්විය නොහැකි යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
උදාවී තිබෙන්නේ රට ගොඩ ගත හැකි අවසාන අවස්ථාව යැයි කී කරුණානායක මහතා එමනිසා ජනතාව මේ අවස්ථාවේ දී ඉතාම බුද්ධිමත්ව, වගකීම් සහගතව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු යැයි ද සඳහන් කළේය.
විපක්ෂය සහ ඇතැම් වෘත්තීය සමිති මේ අවස්ථාවේ දී ක්‍රියා කරමින් සිටින්නේ රට වැනසීමට විනා රට ගොඩනගා ජනතාව ශක්තිමත් කිරීමට නොවන බවට ද රවී කරුණානායක මහතා චෝදනා කළේය.
රටක්-ජන සමාජයක් වැනසී විනාශ වීමට ප්‍රධානතම හේතුව වනුයේ දේශපාලන නුගත්කමය යන්න (Political Illiterate) ගෝලීය පිළිගැනීම බව කී රවී කරුණානායක රාජ්‍යයන් අසාර්ථක වූයේ දේශපාලන නූගත්කම නිසා යැයි ද අවධාරණය කළේය.

