රට පුරා දාන ශාලා 7000ක්


(සුජිත් හේවාජුලිගේ )

වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් 7,000ක් පමණ පැවැත්වීමට  ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ලියාපදිංචි  නොමැති දන්සල් සම්බන්ධයෙන්  සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර  ඇත.

මේ සඳහා එම පරීක්ෂකවරු තුන් දහසකට වැඩි පිරිසක් යොදවනු ලැබ සිටිති.

වර්ෂාව සමග පාචනය පැතිර යා හැකි හෙයින් විශේෂයෙන්ම බීම දන්සල් පැවැත්වීමේ දී සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.