(යොහාන් භාසුර)
රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩවර්ජනය කරන කාලය තුළ රාජ්‍ය ඔසුසල්වලින් රජයේ රෝහල්වලින් නිකුත් කරන නිර්දේශයන්ට නොමිලයේ ඖෂධ නිකුත් කිරීමේ සේවාවෙන් ඉවත් වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ඖෂධවේදීන්ගේ සංගමය එම සංස්ථාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
ඒ අනුව රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන්, සායනවලින්, නේවාසික හා රෝහලෙන් බැහැර යන රෝගීන් වෙත නොමිලයේ ඖෂධ නිකුත් කිරීමේ සේවාවෙන් ඉවතවීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ඖෂධවේදීන්ගේ සංගමයේ කාරන සභාව තීරණය කර ඇති බව ද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

