
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ආයතනවල පාවිච්චිය සඳහා කැබ් රථ දෙදාහක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
රාජ්‍ය ආයතන වලට වසර 15 කින් වාහන ලබාදී නොමැති බව අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන හිඟය තදින්ම පවතින හෙයින් මුලින්ම ඒවායේ වාහන අවශ්‍යතා සැපිරීමට වැඩි අවධානය යොමු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

