
( සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ රජවක පාසලේ ගොඩ නැගිල්ලක් මතට අනපේක්ෂිත අවස්ථාවක ගසක කොටසක් කඩා වැටිමෙන් මියගිය දරුවා වෙනුවෙන් ඔහුගේ භාරකරුවන් වෙත රජය මගින් ආපදා ජිිවිත හාන වන්දි ලෙස රුපියල් ලක්ෂ 10 ක් මුදලක් ගෙවීමට කටයුතු කරන බව බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවසයි .
එම ලක්ෂ දහයක මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් අනතුර සිදුවි පැය විසිහතරක් තුළ ගෙවු බව බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් ලක්ෂිකා මිගෙල්ආරචිචි මහත්මිය පැවසුවාය.
ඉතිරි ලක්ෂ නවයක මුදල එම දරුවාගේ භාරකරුවන් වෙත ගෙවිමට නියමිතව ඇති බවද ඇය පැවසුවාය.
එම අනතුරින් එම පාසලේ ඉගනුම ලබමින් සිටි කිවිර හිරුජය අවාසනාවන්ත ලෙස මියගියේය.

