රජය විසින් ජනතාවට සිදුකළ හැකි විශාලතම සාපය උද්ධමනයයි


(නිමල කොඩිතුවක්කු)

රජය විසින් ජනතාවට සිදුකළ හැකි විශාලතම සාපය උද්ධමනය බවත් එම සහගහන පාපකර්මයට අඩුවක් නොමැතිව වත්මන් රජය දායක වී ඇතැයිද   පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යාම සම්බන්දයෙන් අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

රජයේ සංඛ්‍යාලේඛන අනුව රට තුළ උද්ධමනය 14.2 කින් සහ ආහාර උද්ධමනය සියයට 25 කින් වැඩිවී ඇති අවස්ථාවක රජය තවදුරටත් මුදල් අච්චු ගැසීමෙන් අති උද්ධමනයක් රටතුළ ඇතිවිය හැකි බවත්  මන්ත්‍රීවරයා කීවේය.

2019 අවසානයේ සිට 2021 වසරේ ඔක්තෝම්බර් මාසය වනවිට රුපියල් බිලියන 7500 සිට 10500 දක්වා සියයට 42කින් මුදල් සැපයුම ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පැවසීය.

භාණ්ඩ හා සේවා නිහ්පාදනය ඉහළ යාමට සාපේක්ෂව මුදල් සැපයුම සිදුවිය යුතු වුවත් එම කාළය තුළ ආර්ථික වර්ධනය සිදුව ඇත්තේ සියයට 1 කින් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.