රක්වාන බස් පොළේ බුදු පිළිමයට හානි කරලා


ඩබ්ලිව්.ඒ.සිරිසේන

රක්වාන ප්‍රධාන බස් නැවතුම්පොලේ කාර්යාල පරිශ්‍රය තිබූ බුද්ධ ප්‍රතිමාව අද අලුයම රෑ කඩාබිඳ විනාශ කර ඇතැයි රක්වාන පොලිසිය පවසයි .

බස්රථ සේවකයන්ගේ හා මගේ ජනතාවගේ වැදුම් පිදුම් කටයුතු සදහා මෙම බුද්ධ ප්‍රතිමාව කාර්යාල භූමියේ ස්ථාපිත කර තිබුණි.

සිංහල ,දෙමළ, මුස්ලිම් යන ජන කොටස් සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත්වන රක්වාන ප්‍රදේශයේ මෙය ඉමහත් කම්පනයට පත් කරන සිදුවීමක් බව නගරවාසීන් පවසයි.

නගරයේ ඇති ආරක්ෂක කැමරා ඔස්සේ පරික්ෂන මෙහෙයවන බව පොලිසිය කියයි.