(නිමන්ති රණසිංහ)
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇ`දිරි නිතීය කඩ කිරීම, ඊට අනුබල දීම යන්න සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා අද (20) නියෝග කළේය.
ජනතා නියෝජිතයකු වශයෙන් රටේ පවතින නිතියට විරෝධය පල කිරීම අන් අයට වැරදි පූර්වාදර්ශයක් ලබාදෙන කරුණක් බැවින් ඇප මත සිටිමින් මෙවැනි වැරදි නැවත සිදු නොකිරීමට වගබලාගන්නා ලෙසට අවවාද කළ අධිකරණය සැකකරු එලෙස ඇප මත මුදා හැරීය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර හිටපු මන්තී‍්‍රවරයා බන්ධනාගාරය විසින් ඊයේ (20* අධිකරණය වෙත රැුගෙන ආවේ පල්ලන්සේන බන්ධනාගාර එළිමහන් ක`දවුරේ නිරෝධායනය වෙමින් සිටියදී බවද බන්ධනාගාර නිලධාරින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

