රංගන ශිල්පී කාවිංග පෙරේරා අත්අඩංගුවට


ඉන්දිකා රාමනායක

තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී අද (19) අලුයම මාරක රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ගයේ නඩත්තු කටුයතුවල නිරත වෙමින් සිටියදී ඉන් එක් සේවකයකු අලුයම සැකකරුගේ මෝටර් රථයේ ගැටී බරපතල තුවාල ලබා මිය ගිය බව පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු මෝටර් රථය නොනවත්වා ධාවනය කරමින් සිටියදී මාර්ගයේ සිටි පිරිස් විසින් නවත්වාගෙන ඇත.

සැකකරු අද (19) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.