යුද හමුදාව යාපනයේ උප්පු වයල් වැව පිළිසකර කරයි



 
( රොමේෂ් මධුෂංඛ)
යාපනය වන්කානෙයි වඩුක්කොඩ්ඩෙයි‘ උප්පු වයල් වැව‘  පිළිසකර කර  ගොවි ජනතාව වෙනුවෙන් ලබා දීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.
 
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බංඩාර මහතාගේ උපදෙස් පරිදි වඩුක්කොඩ්ඩෙයි ගොවි සංවිධානයේ ඉල්ලීමකට අනුව ‘උපපු වයල්‘  වැව ප්‍රතිසංස්කරණය කිරීමට යුද හමුදා සෙබළුන් විසින් පියවර ගෙන තිබුණි.
 
යාපනය දිස්ත්‍රික්ලේකම් කනපති පිල්ලෙයි මහේෂන් මහතා සහ වඩුක්කොඩ්ඩෙයි ගොවිසංවිධානයේ සහ යාපනය මිතුරෝ සංවිධානයේ සභාපති ආචාර්ය සිදම්බරම් මෝහන් මහතාගේ සහභාගීත්වයෙන් 51 වන සේනාංකයේ අධීක්ෂණයෙන් 11 වන පාබල හමුදාවේ සහ 10 වන ඉංජිනේරු බලකායේ ශ්‍රමදායකත්වයෙන් උප්පු වයල් වැව පිලිසකර කිරීමට පියවර ගෙන ඇත.
 
එලඹෙන මහකන්නයේ ගොවිතන් වෙනුවෙන් උප්පු වයල් වැවේ ජලය ලබා ගැනීම වැව පිලිසකර කිරීමේ ප්‍රධාන අරමුණ බවටත් එමගින් වැඩි කුඹුරු ප්‍රමාණයක් ගොවිතැන් කිරීඹට ගොවීන්ට අවස්ථාව උදාවන බවටද වඩුක්කොඩ්ඩයෙ ගොවින් වැඩි දුරටත් පැවසූහ.