යුද හමුදාපති හෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට


(ඉන්දිකා රාමනායක)

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන්  කරුණු  සොයා  බැලීම සඳහා   පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට  හෙට (26) දින යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවා ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර්  සුමිත් අතපත්තු මහතා පැවසීය.

හෙට පස්වරුවේ  යුද හමුදාපතිවරයා  විශේෂ කාර්ය සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බවද හමුදා ප‍්‍රකාශකවරයා  වැඩිදුරටත් පැවසීය.