යුද හමුදා සෙබළාට මන්නයෙන් පහරදුන් අය පොලීසියට බාර වෙයි


 ( එම් .සුසිල්  ප්‍රියන්ත )

බද්දෙගම  ගුරුසිංහගොඩදී   යුද හමුදා නිලධාරියෙකුට  මන්නා පිහි පහරක් එල්ල කළ පුද්ගලයා  අද (15 ) තමා එල්ල කල මන්නයත් සමගම භාරවූ බව බද්දෙගම පොලීසිය කියයි.

 සැකකරුගේ මන්නා පිහිරින් ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තුවේ  පුහුණු කිරිමේ නිලධාරියෙක් බරපතල තුවාල ලබා ඔහු මේ වනවිට  කරාපිටිය ශික්ෂණ  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි .
 
යුද හමුදා නිලධාරියාගේ හිසට සැකකරු  මන්නා පිහි පහර එල්ල කල තිබෙන බව පවසන පොලීසිය ඔහු  ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක  ප්‍රධාන සෑකකරුවෙකු බවද කියයි .
 

ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී යාබද නිවස දෙසින්  ඇසෙන  කැගැසීමක්  පිළිිබදව සොයා බැලීමට ගිය අවස්ථාවේදී යුද හමුදා නිලධාරියාට  මන්නා පිහියක් අතැතිව කැගසමින් සිටි මේ සැකකරු  යුද හමුදා නිලධාරියාට  ඔහු අත තිබූ මන්නා පිහියෙන් පහරදී තිබෙන බවද පොලීසිය කියයි .
 
ඒ සමගම සැකකරු  එම ස්ථානයෙන් මාරුවී ගොස්  තමන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී  ඔහු පොලීසිය මග හැර භාරවූ බවද පොලීසිය කියයි .
 

මේ සැකකරු අද (15 ) පස්වරුවේදී බද්දෙගම අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය කියයි.