(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද හමුදා ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත කැලෑ ඇඳුමක උඩ කොටසක් සමඟ තරුණයෙකු අද(02) පානදුර උතුර ගොරකාන නේවාසිකාගාරයක් තුළදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු මහනුවර පදිංචිකරුවකු වන 21 හැවිරිදි තරුණයෙකි.
එම හමුදා ඇඳුම ඉකුත් ජනවාරි මාසයේ පානදුර උතුර වෙළඳසලකින් මිලදී ගත් බව එම තරුණයා පැවසූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම ඇඳුමේ තිබූ ලාංඡනය හමුදා ලාංඡනයට වඩා මදක් වෙනස් බව හමුදා නිලධාරියෙකු පැවසූ බව පොලිසිය කියයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

