යුද උපකරණ සහ හමුදා කැමා ඇඳුම් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට


(ඩී.කේ.රත්න)

කොස්ලන්ද හීවැල්කදුර ප්‍රදේශයේදී ටී-56 ජීව උණ්ඩ 24ක් හා යුද හමුදාව භාවිත කරන වර්ගයේ කැමා ඇඳුමක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (4) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.

කොස්ලන්ද හීවැල්කදුර ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයෙකු හා වයස අවුරුදු 32ක පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොස්ලන්ද පොලීසිය විසින් හීවැල්කදුර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නිවසක අලුතින් ඉදිකරන වැසිකිළියක බටයක් තුළ සගවා තිබූ මෙම ටී 56 ජීව උණ්ඩ සහ වඩුමඩුවක සඟවා තිබූ මෙම යුද හමුදාව භාවිතා කරන කැමා ඇඳුම සමග මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොස්ලන්ද පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.