(අංජුල මහික වීරරත්න)
යුගයට ගැලපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමඟ 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැති සාකච්ඡාවේදීය.
රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ රේගුව ගැන පවතින අප්‍රසාදය පිළිබඳවද සාකච්ඡා කෙරිණි .
රේගු දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමෙන් සේවා සැපයීම කාර්‍යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
රේගු දෙපාර්තමේන්තුවෙහි නව ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකා රේගුව තුළ පවතින අක්‍රමිකතා තුරන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.