යුගදනවි ගිවිසුමට එරෙහි නඩුව විභාගයට


(මනෝප්‍රිය ගුණසේකර)

යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකා සමාගමකට පැවැරීමට එරෙහිව පැවරූ නඩුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගත්තේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිකන්ද, යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගෙන ඇත.