(සිතුම් චතුරංග)
යාපනය කරෙයිනගර් සිට යාපනය නගරය දක්වා ගමන් ගත් බස් රථයක් කරෙයිනගර් පොන්නාලෙයි පාලමේදී මාර්ගයෙන් ඉවතට පැන කලපුවට පෙරැළී අද (30) සවස සිදුවු අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව යාපනය කයිට්ස් පොලිසිය කියයි.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථය මගීන් රැගෙන යාපනය නගරයට පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
බස් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරාට බස්රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් කලපුවට පෙරළී අතර පසුව කලපුවේ තිබූ ජල නළයක සිරවී ඇතැයිද පැවසිය.
ජල නළයේ සිරවූ බස් රථය කළපුවතුලට පෙරලීම වැළකී තිබූ බවත් එම හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වැළකි ගිය බව සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහු පවසති.
අනතුරින් සුළු තුවාල ලැබු පුද්ගලයින් හය දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද කයිට්ස් පොලිසිය පැවසීය.
අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර කයිට්ස් රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



