යාපනයේ බසයට ගල් ප්‍රහාරයක්


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ  ලංගම බස් රථයකට මාරවිල හොරගොල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් එම බස් රථයේ ගමන් ගත් මගී කාන්තාවක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස වීදුරු කැඩී ගොස් ඇතැයි පොලිසිය කියයි.

ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර පලාගිය  පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.