යාපනයේ තවත් අධිකරණයකින් මහවිරු තහනම් නියෝගයක්


 

(රොමේෂ් මධුෂංඛ)

යාපනය චාවකච්චේරි කොඩිකාමම් පොලිස් බලප්‍රදේශය තුළ කිසිදු මහවිරු සැමරුමක් හෝ ත්‍රස්ත සැමරුම් තහනම් කරමින් චාවකච්චේරි මහෙස්ත්‍රාත් ගජනිධි බාලන් මහතා විසින් අද (26) සවස නියෝගයක් නිකුත් කොට ඇත.

යාපනය චාවකච්චේරි කොඩිකාමම් පොලිස් බලප්‍රදේශය තුල මහවිරු සැමරුම් හෝ ත්‍රස්ත සැමරීමකට අවසරයක් නොමැති බවට වූ නීතිපතිගේ ඉදිරිපත් කිරීමට අනුව චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස තහනම් නියොගය නිකුත් කොට ඇත.

මේ අනුව චාවකච්චේරි හා කොඩිකාමම් පොලිස් බලප්‍රදේශයන්හි කිසිදු මහවිරු සැමරුමක් ප්‍රසිද්ධියේ  සිදු කිරීමට අවසරයක් නොලැබන අතරම එසේ සිදුකරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවටද කොඩිකාමම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

මේ අනුව යාපනය, කිලිනොච්චිය හා මුලිතිව් අධිකරණ මගින් මහවිරු සැමරුම් සඳහා තහනම් නියෝගයන් මේ වන විට පනවා ඇත.