යාන් ඔයේ මෙහෙයුම් අවසන්


පැතුම් දර්ශන
 
 
හොරොව්පොතාන හබගම ප්‍රදේශයෙන් ගලා යන යාන් ඔයේ ජලය යට තිබී ගිනිඅවි අමතර කොටස් රැසක් සහ පතොරම් රැසක් සොයා ගැනීමට කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධරයෝ අද (30) සමත්වුහ.

 
ලැබුණු තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද (30) අලුයම සිට දහවල් වනතුරු යාන් ඔයේ ජලයේ කිමිදෙමින් සිදුකළ මෙම මෙහෙයුමේදී ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන හිස් මැගසින් (62),එල්.එම්.ජි. අවි සඳහා භාවිත කරන හිස් මැගසින් (38), ටී 56 පතොරම් 1400, එම්.පි.ජි.එම්.පතොරම් 1379, මොටාර් පියුස් 6,අත් බෝම්බ 2ක්, හතලිහ මිලිමීටර බොම්බ 8ක්, එල්.එම්.ජී.උණ්ඩ වැල් සීයේ කොටස් 12ක්, සොයා ගැනීමට සමත්ව තිබේ.
 
මේ දිනවල  යාන් ඔයේ අඩි පහක පමණ උස ජල කඳක් ගලාගෙන යන අතර එම ජලය සමඟ පොර බදිමින් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මෙම ගිනි අවි අමතර කොටස් සොයා ගන්නා ලදී.
 
කවුරුන් විසින් මෙම අවි කොටස් එම ස්ථානයට ගෙනැවිත් දැම්මේ දැයි තවමත් කීමට නොහැකි මූත් මීට සතියකට පමණ ඉහත දී  මෙම ගලායන ජලයට අවි කොටස් දමා ඇති බවට විශ්වාස කරන බව විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔහු වැඩිදුරටත් පැවසූහ.
 
ජල පහරේ වේගය අධික බැවින් අවි කොටස් සෙවීම තාවකාලිකව නවතා දැමූ අතර ජලය යට තවත් ගිනිඅවි කොටස් ඇති බවට සැක කරන විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයේ දිය නෑමෙන් වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිති.