යාන් ඔයෙන් ඉඩම් අහිමිවුවෝ වාරිමාර්ග කාර්යාලය වටලති


(පැතුම් දර්ශන)
 
 
පහළ යාන් ඔයෙන් ඉඩම් අහිමිවුවෝ වාහල්කඩ සහ පුහුදිවුල පිහිටි වාරිමාර්ග කාර්යාලය ඇතුළට පැමිණ අද (4) උද්ඝෝෂණයේ නිරත වූහ.
 
යාන්ඔය ව්‍යාපෘතියට යටවුණු තම ඉඩම් වලට හිමිවිය යුතු වන්දි මුදල් නොලැබීමෙන් තමන් අන්ත අසරණව සිටින බව ඔවුහු පවසති.
 
කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වාරිමාර්ග කාර්යාලයට ආරක්ෂාව ලබාදී ඇත.
 
යාන්ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා හෝ නියෝජ්‍ය අධ්‍යෂකවරයා  කාර්යාල භුමියේ නොමැති බවත් විසඳුමක් ලැබෙන තුරු තමන් වාරිමාර්ග කාර්යාලයෙන් ඉවත් නොවන බවත් ඔවුහු පවසති.