(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට නගරයේ දී යාචකයෙක් තවත් යාචකයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ ( 22) රාත‍්‍රීයේදී මෙය සිදු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මියගිය යාචකයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. ඔහු 50 වැනි වියේ පමණ පසුවන තැනැත්තෙක් බව පොලිසිය සැක කරයි.
කුරුවිට නගරයේ ප‍්‍රධාන බස් නැවතුමේ රාත‍්‍රී නිදාගැනීමට ගිය අවස්ථාවේ යාචකයන් දෙදෙනා අතර බහින් බස්වීමකින් පසු මෙම තියුණු ආයුධයකින් ඇනිම සිදුව ඇතැයි කියති.
පහරකෑමට ලක්වූ යාචකයා බස් නැවතුම්පොළේ සිට ටික දුරක් ඇවිද යද්දී බිමවැටී ඇතැයි ද පසුව ඔහු රෝහල්ගත කළ ද ඒවනවිටත් ඔහු මියගොස් සිටි බව ද පොලිසිය පැවසීය.
නිදාගැනීමට ගන්නා කාඩ්බෝඩ් කැබැල්ලක් රණ්ඩුවට හේතුව බවට තොරතුරු හෙළිවූ බවද පොලීසිය පැවසීය.
ඝාතනයට සම්බන්‍ධ බවට සැකකරන අනික් යාචකයා රාත‍්‍රියේම අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසුවේය.