(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ දී ගොවීන්ට යූරියා ,බණ්ඩි පොහොර හෝ ගොවීන්ගේ අභිමතය පරිදි කාබනික පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
යල කන්නයේ දී යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් සහ හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් බැගින් සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 11කි.

